~~ මහා සුවකරුමෙන් යාචක ඩබල
සුවවෙයි ~~
ලෙඩ සුවකරන මෙහෙයුමට
ගහන පෝස්ටරේට පොටෝ ගන්න
ගිහින් බුවා අයියා කොර
කරන්න ගිය හැටියි පසුගිය
කෑල්ලෙන් ලියා එව්වේ.
ටවුමේ බෝකර්
බුවා අයියා කොර කරන්න
සයිකල් ටියුබ් එකක්
ඉල්ලපු නිසා අයියා ගෙදර
ඉස්ටෝරුව පෙරළා පරණ
ටියුබ් එකක් ගෙනාවා.
”රයිට් දැං ඔය ටියුබ් එක
කපලා මේම දිගට ලොකුª පටි
ටිකක් හදාගන්නවා.”
”ඊට පස්සෙ..”
”රයිට් ඊට පස්සෙ...
අයියා ගේ කකුල මේම හොඳටම
නවලා දනිහට උඩිං මේම මේම
වෙලනවා. දැං සරම පාතට
දාන්ඩ... කෝමද පාර.. දැං..
පොටෝ එකට එක පයින් ...
රෙඩි.”
බුවා අයියා නැමීගෙන එක
පයින් සිටින අයුරුත්
මා ඔහුට ආසිරි පතන
අයුරුත් පොටෝ කැරිණි.
පසුදා ටවුම පුරාම
බොර්කර් බුවා සිය
කැචර්ලා දම්මවා පෝස්ටරයක්
වන කර තිබුණි.
පෝස්ටරය දුටු මම
වයබ්‍රෙට් වී ගියෙමි.
”අයිසෙ දැං.. මේක දැක්කාම
එකසිය ගාණට බුවාලා එයි..
ඔච්චර සෙනඟක් ඉස්සරහා මට
නං නිකං කෝර්චොප් වෙන්ඩ
බෑ ඔන්න.. එදාට
කලිං මං කොහෙහරි මාරු
වෙනවා..”
”පිස්සු නං කෙළින්ඩ
එපා බොස්.. අපි වැඩේ ගාණට
සෙට් කරලා \;යන්නෙ.. බොසාට
තියෙන්නෙ එදාට අපි කියන
හැටියට නටන්ඩ විතරයි...
පහුවදාට අත පිරෙන්න
සම්තිං එක ඉන්සුවර්..
බොස් මෙන්න මේ කොලේ තියෙන
හෑල්ල කටපාඩම් කරගන්න.
බොර්කර් බුවා දුන් කොළය
කටපාඩම් කරමින්
හා යාඥා කරන අයුරු
සෙත්පතන අයුරු පෙරහුරු
කරමින් කාලය ගත කළෙමි.
ඕං නියමිත දිනය උදාවිය.
බොර්කර්
බුවා කොහෙන්දෝ කිරි කිරි
ටොයියා මාළු පාන්
වගේ සුපර් සැලුන්
කාර්පතයක් සොයා ගෙන ආවේය.
බුවා අයියා ගෙනා ලෝගුව ද
ඇඳගත් මම බෝකර්
බුවා ගේ උවදෙසින් හැඩ
වැඩවී නගරය බලා ගියෙමි.
බුවාලා බුවීලා පිටියට
ඇතුළුවීමට පොරකති.
අපේ වාහනයටවත් යන්නට
ඉඩක් නැත. බොර්කර්
බුවා වහා එළියට පැන්නේය.
”ශාන්ති.. ශාන්ති.. කරුණාකර
මඟ පාදන්න.. ප්‍රේයර් ද
සේකර්තුමා.. කරුණාකර මඟ
පාදන්න...
බුවාලා වහා දෙපසට වී
රථයේ වීදුරු වෙත එබෙන්ට
වූයේ දෙඅත් මුදුන්
තබාගෙනය.
හොඳ වෙලාවට රථයේ වීදුරු
කට්ට කලු ටින්ටඩ් කොට
තිබුණි.
සමහර බුවාලා අතැවූ මල් ද
රථයට ඉස්සාහ.
වේදිකාවට නගිත්ම හතර
වටින් ඝෝෂා හඬ ද
අත්පොළසන් හඬ ද නැඟුණි.
මගේ කකුල් දෙක සර සර
ගා වෙව්ලයි. දිග ලෝගුව
නිසා එය කාටත් නොපෙනේ.
”මාගේ බුවාලාවෙනි... මම
ඔබලාට එළ ආරංචිය ගෙනාවා...
දෙයියන්ගේ නාමෙන් .. ලෙඩ
ඔක්කොම සකබලාස්.....
ලෙඩකාරයෝ එන්න...
මම වැඩේ අරඹුවෙමි.
මේ වෙලාවට අප කලින්
කතිකා කොට ගෙන
තිබුණේ බොර්කර්
බුවාගේ ගෝලයින් බොරු
ලෙඩුන් ලෙස
වෙස්ගන්වා කරන රඟපෑමකටය.
ඒ අනුව බුවියක් කෙස්ස
වනා කරකවමින්
මායං ඇක්ටිං පාරකින්
වේදිකාව අබියසට ආවාය. මම
ඇය සුවකිරීමට සූදානම්
වූවා පමණි ඉදිරි පෙළ
සිටි රවඩි බුවා ගැටව්
කීපදෙනෙක් වැඩේ කිච කළේය.
”මේ .. මේ.. ඒ අය නෙමේ..
ප්‍රේයර්තුමා..
පුළුවන්නං මේ දෙන්නා සුවකරන්ඩ..”
ඔවුන් ලෙඩුන් දෙදෙනකු
ඔසවා ගෙන ආහ.
ඔවුන්ගේ මුහුණු දුටු
බෝකර්
බුවාගේ මුහුණේ බල්බ්
පත්තුවෙනු පෙනුනි. ඒ වූ
කලී ටවුමේ අන්ධ
හිඟන්නා සහ කොර හිඟන්නාය.
”ම..ම..ල්ලි.. වැඩේ.. රීගල් ..
මොකක් හරි ජිල්මාට්
පාරක් දාගන්ඩ..”
බුවා අයියාගේ හඬ තිරය
පිටුපසින් ඇසෙයි.
හීංදාඩියත් මහදාඩියත්
දෙකම දමා මගේ ඇඟ තෙත්වී
ඇතත් ලෝගුවට පිං සිද්ධ
වෙන්න ඒවා බැතිමතුන්ට
නොපෙනේ..
පැනයන්නට දොරක්
සොයා වටපිට බලන මට
බොර්කර් බුවා විසින්
සෙට් කොට එවන ලද බුවිය
මායං වෙන හැටි පෙනුණි.
මම වහා හිඟන්නන්
දෙදෙනා වෙත ගියෙමි.
”නුඹලාට සුව වෙන්නට තව
කල් තිබේ. ඒ මොහොත උදාවන
තෙක් පැත්තකින් ඉන්න.. කී
මම මායං බුවිය වෙත
ගියෙමි.
”ඒයි.. මා සෝනා... රීරි
යක්හා... උඹට බෑ... උඹට බෑ...
ඔය බොඩි එකෙන් පලයං... මම
අණ කරනවා... උඹට බෑ...
පලයාං...” කී මම නැමී බුවිය
ගේ කම්මුලට පහරක්
ගසා කෙහෙවල්ලෙන්
අල්ලා සෙලවීමි.
අහෝ ඛේදයකි... කොණ්ඩය
ගැලවී මගේ අතට ආවේය.
දසතින් හූ හඬත්
හිනා හඬත් .. නැගී ආවේය.
මායං බුවිය ස්ටේජ්
එකෙං පැන්නේ පැති දොරටුව
වෙත යන්නටය. ඇනයක
පැටලුණු සාරිය ගැලවී ෂෝට
පෙනුනි.. ඒ සමඟම පැළඳ සිටි
වියාජ ලැමද ගැළවී හැලුණි.
මලසේකර.. ඒ.. බුවියක ලෙස
හැඩවී සිටියේ බෝකර්
බුවාගේ ටවුමේ ගජයෙකි.
”හු.. හූ.. ආන්න... කුඩු සනී
දුවනෝ...”
එනපොට හරි නැති බව
හැඟුනෙන් පාතට නැමී
ලෝගුව කැටිකොට අතට ගත්
මම ද දුවන්නට සැරසුනෙමි.
ඒ සමඟ වේදිකාවේ පසෙකින්
කෑගසන හඬක් ඇසුනි.
”ඒය්.. යකෝ.. උඹලට
පේන්නැද්ද..
පොට්ටයෝ වගේ බලං ඉන්නේ...
ආං.. අරූ.. පේයර් හොරා මාරු
වෙන්ඩ හදන්නේ.. ඕකට මාරු
වෙන්ඩ දෙන්ඩ එපා...”
අන්ධයා මා දෙසට අත දිගු
කර කෑගසයි.
”එයා... කොහෙද
දුවලා බේරෙන්නෙ.. මාත්
එක්ක.. ඔහෙ හිටපිය...”
කොරා විදුලිය වගේ දුවගෙන
එනු පෙනිනි.. මම
අපේ පාසලේ ස්පෝට් මීට්
එකේ සීය හතර සිහිපත් කොට
සියලු වගකීම් කකුල්
දෙකකට පවරා දුනිමි.
Labels: Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes
Labels: Funny Articles, Sinhala Jokes

This is a part of a comic story
called "Buwalanthaya", published
in silumina.
******************************************
දිනෙක මම බුවා නගරයෙහි
සැරිසරා ආපසු එන්නට
ප‍්‍රධාන බස්පොළට පැමිණ
බසයකට ගොඩවුණෙමි . එක
පෙළට බස් දෙකක්
නවත්තා තිබුණ අතර රතු
පැහැ ගන්වා තිබුණ හෙයින්
ඒවා පෞද්ගලික ඒවා නොවන
බව දැනගතිමි .
මොහොතකින් කොංදොස්තර
බුවා පැමිණ ටිකට් කැඩීම
ඇරැඹීය .
”කොහාටද?”
”බුවලියගොඩ..”
”එහෙ යන්නෑ..” කී ඔහු
අනෙක් මඟී බුවා දෙස
හැරුණි . අර
බුවා බඩුමලුත් ගෙන
බසයෙන් බැස ගියේය .
”හතර කණුවට එකක්..”
”එහෙ යන්නෙ නෑ..” ඒ බුවා ද
නොකැමැත්තෙන් මෙන් බැස
ගියේය .
”මිස් කොහාටද?”
”බුවබත්ගොඩ..”
”බෝඩ් එක බලල නෙමේද
නැග්ගෙ .. මේක
එහෙ යන්නෙ නෑ..
ඊළඟ ටිකට්ස්..
”නමය කණුවට දෙකක්”
”අච්චර ලොකු අකුරු බෝඩ්
එකක් දාලත් කියවන්න
බැරිද .. මේක එහෙ යන්නෙ නෑ..
නගින්ඩ ඉස්සර බෝඩ් එක
බලල ඉන්ඩ ...
”එහෙනං .. මේක
යන්නෙ කොහාටද?”
බුවා නෝනා ගේ පැනයෙන්
මඳක් සසල වූ කොංදොස්තර
බුවා බසයේ උඩ බිම බැලීය.
”මළකෙළියයි..
මං නැගලා තියෙන්නෙ වැරදි
බස් එකට ..”
ටිකට් මැසිමත් උස්සාගත්
කොන්දොස්තර
බුවා දඩිබිඩි ගා බසයෙන්
බැස අනෙක් පස වූ බසය වෙත
දිවගියේ බසයේ සිටි
අනෙක් මගී
බුවාලාගේ ප‍්‍රසාදය
මැදිනි .
Labels: Funny Stories, Sinhala Jokes













